Saturday, December 2, 2023

සිස්ටම් එක ඩිජිටල් කරන්න ස්විස්ටර්ලන්තයේ සහාය

විදේශ රැකියා ක්ෂේත්‍රය හා කම්කරු ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට ලක්කිරීමට ස්විස්ටර්ලන්තයේ පූර්ණ සහාය ලබාදීමටද එකගතාවය පළව තිබේ.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සහ ස්විස්ටර්ලන්ත තානාපති Dominik Furgler මහතා අතර 17 දා පැවැති සාකච්ඡාවක දී මෙම එකඟතාවන් පලකර තිබේ.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශ විෂය පථය තුළ මේ වසරේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩසටහන් වැඩසටහන් පිළිබඳ ස්විස්ටර්ලන්ත තානාපතිවරයා සමග මෙම සාකච්ඡාවේ දී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙන අතර, යෝජිත ඩිජිටල්කරණ සහ සමාජ ආරක්ෂණ වැඩසටහන් සඳහා ස්විස්ටර්ලන්ත අත්දැකීම් ඇසුරෙන් සහාය දීමට හැකි බවත්, තානාපති ක්ෂේත්‍රය ද ඩිජිටල්කරණයට ලක් විය යුතු නව ක්ෂේත්‍රයක් බවත්, මෙරට සිටින ස්විස්ටර්ලන්ත තානාපති Dominik Furgler මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

More from the blog

ACFEA ONLINE තොරතුරු මධ්‍යස්ථානය ඇමැති මනූෂ අතින් විවෘත වෙයි

ACFEA තොරතුරු මධ්‍යස්ථානය හා වෙබ්අඩවිය කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර මහතා අතින් එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් අජ්මාන් හි දී අද(19) විවෘත විය. එක්සත්...

විදෙස් රැකියා ඇමැති ඩුබායි නිල සංචාරයක

කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් ඇත. එම සංචාරය අතරතුර දී ඩුබායි රාජ්‍යෙය්...

රට රැකියාවක් හොයන්න කලින් මේ ටික බලන්න

හොඳ පුහුණුවක් තිබේ නම් විදෙස් රටක හොඳ රැකියාවකට යෑමටත් එමඟින් හොඳ වැටුපක් ලබා ගත හැකි බවත් කම්කරු හා විදේශ රැකියා ඇමති මනුෂ නානායක්කාර මහතා...

රට රැකියා හොයන්න 20වැනි දා ඔන්ලයින් පොළක්

විදේශ රැකියා අපේක්‍ෂිතයන් සඳහා අවස්ථාවක් උදා කරමින් ‘රට රැකියා පොළ වැඩසටහන‘ හෙට (20 දා) Zoom තාක්ෂණය ඔස්සේ ඔස්සේ පැවැත්වෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය...