හොඳ පුහුණුවක් තිබේ නම් විදෙස් රටක හොඳ රැකියාවකට යෑමටත් එමඟින් හොඳ වැටුපක් ලබා ගත හැකි බවත් කම්කරු හා විදේශ රැකියා ඇමති මනුෂ නානායක්කාර මහතා පවසයි.
ඒ මහතා මේ බව පවසා සිටියේ 17 දා මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
ගමන් බලපත්‍රයක් ලබා ගත් පමණින් හෝ දේශපාලඥයන්ට කත් ඇදි පමණින් හෝ එසේත් නැතිනම් මුදල් ලබා දුන් පමණින් රට රැකියාවක් සොයා ගත නොහැකි බව පවසන අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඒ සඳහා අවශ්‍ය සුදුසුකමක් සමඟ පුහුණුව සපුරා ගත යුතු බවයි.
ඒ අනුව, රටක් ඉලක්ක කරගනිමින් පුහුණුව මෙන්ම භාෂාව සපුරා ගන්නා ලෙසත්, එක් වරක් හෝ රට රැකියාවකට ගොස් නැවත වරක් යෑමට අපේක්‍ෂා කරන්නේ නම් තිබෙන සුදුසුකම් වැඩි කර ගැනීමට උත්සාහය ගන්නා ලෙසත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.