Saturday, December 2, 2023

ACFEA ONLINE තොරතුරු මධ්‍යස්ථානය ඇමැති මනූෂ අතින් විවෘත වෙයි

ACFEA තොරතුරු මධ්‍යස්ථානය හා වෙබ්අඩවිය කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර මහතා අතින් එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් අජ්මාන් හි දී අද(19) විවෘත විය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ සිටින ශ්‍රී ලාංකික රැකියා නියෝජිතවරුන්ගේ සංවිධානය (ACFEA) ඉකුත් දෙසැම්බර් 28 වැනි දා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී අමාත්‍යවරයා සමග ක්ෂේත්‍රෙය් ගැටලු පිළිබඳ සාකච්ඡා කර ඇති අතර, එහි දී වූ එකඟතාවක් මත ජනමාධ්‍ය ආයතන ඇතුළු ඔවුන්ගේ තොරතුරු දැනගැනීමට අවශ්‍ය අය සඳහා පහසුවෙන් ගනුදෙනු කිරීමට මෙම ඔන්ලයින් තොරතුරු මධ්‍යස්ථානය ස්ථාපනය කර ඇත.

මෙම විවෘත කිරීමෙන් පසුව අමාත්‍යවරයා ප්‍රමුඛ නිලධාරී කණ්ඩායම ACFEA සංවිධානයේ සාමාජිකයන් ද මුණ ගැසී සුහද පිළිසඳරක ද නිරත විය. එහි දී ඔවුන් විසින් ඉදිරිපත් කරන ලද ක්ෂේත්‍රයේ ගැටලු කෙරෙහි ද විශේෂ අවධානය යොමු කළේය.

මේ අවස්ථාවට අමාත්‍යවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා ධූත පිරිස, ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් නලින්ද විජේරත්න මහතා, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් සහ ACFEA සංවිධානයේ සාමාජිකයන් එක්වූහ.

More from the blog

ACFEA ONLINE තොරතුරු මධ්‍යස්ථානය ඇමැති මනූෂ අතින් විවෘත වෙයි

ACFEA තොරතුරු මධ්‍යස්ථානය හා වෙබ්අඩවිය කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර මහතා අතින් එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් අජ්මාන් හි දී අද(19) විවෘත විය. එක්සත්...

විදෙස් රැකියා ඇමැති ඩුබායි නිල සංචාරයක

කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් ඇත. එම සංචාරය අතරතුර දී ඩුබායි රාජ්‍යෙය්...

රට රැකියාවක් හොයන්න කලින් මේ ටික බලන්න

හොඳ පුහුණුවක් තිබේ නම් විදෙස් රටක හොඳ රැකියාවකට යෑමටත් එමඟින් හොඳ වැටුපක් ලබා ගත හැකි බවත් කම්කරු හා විදේශ රැකියා ඇමති මනුෂ නානායක්කාර මහතා...

රට රැකියා හොයන්න 20වැනි දා ඔන්ලයින් පොළක්

විදේශ රැකියා අපේක්‍ෂිතයන් සඳහා අවස්ථාවක් උදා කරමින් ‘රට රැකියා පොළ වැඩසටහන‘ හෙට (20 දා) Zoom තාක්ෂණය ඔස්සේ ඔස්සේ පැවැත්වෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය...